Thursday, February 28, 2019

කුඩා ව්‍යාපාරයක් සඳහා වෙබ් අඩවියක ඇති අවශ්‍යතාව හා වැදගත්කම



ව්‍යාපාර සහ අන්තර්ජාලය - ITN Digital with Domains.lk


pls click the link

BY : RUWAN  WIGAMANAGE
LK DOMAIN REGISTRY
කුඩා ව්‍යාපාරයක් සඳහා අන්තර්ජාලය යොදා ගැනිම පිළිබඳ සලකා බැලීමේදී, වෙබ් අඩවිය යන වචනය අපට නිතැතින්ම අපගේ මතකයට එනවා. එහිදී අප විමසා බැලිය යුතු කාරණය නම් ඇයි අපට වෙබ් අඩවියක් අවශ්‍ය? අපගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නොමැතිව කටයුතු කල නොහැකිද? එමගින් අපට ඇති වාසි කවරේද? වෙබ් අඩවියක් සාදා ගැනීම හා ඒ අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගන්නේ කෙසේද? වැනි හේතු කාරණා රාශියක් අපට සලකා බැලීමට සිදුවෙනවා.

අප කවුරුත් දන්නා පරිදි අද ලෝකය පිළිබඳ විමසීමේ දී මිනිසුන්ගේ ජීවන රටාවත් සමග අන්තර්ජාලය ඉතා විශාල වශයෙන් සම්බන්ධ වී තිබෙනවා. එවන් වටපිටාවක ඒ තුළින් අපගේ කුඩා ව්‍යාපාරයක ඉතා විශාල වාසියක් අත්කර ගැනීමට මේ වෙබ් අඩවිය යන කාරණය පාවිච්චි කල හැකිය. එයට හේතුව ඔබට පුළුවන් ඔබේ කුඩා ව්‍යාපාරයට සම්බන්ධ තොරතුරු (උදාහරණ ලෙස, භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු, එම සේවා ලබා දෙන ස්ථාන, ඔබේ සැපයුම්කරුවන්, ගණුදෙනුකරුවන්) වෙබ් අඩවිය හරහා ලෝකයටම දැන ගැනීමට සැලැස්විය හැකිය. එවිට ඔබේ ව්‍යාපාරය පිළිබඳ ඒ හා සම්බන්ධ උනන්දුවක් ඇති ඕනෑම අයකුට අන්තර්ජාලය හරහා විස්තර ලබා ගත හැකි වෙනවා.

අද ඔබට හිතෙන්නට පුළුවන්, මට දැනට අන්තර්ජාලය හරහා ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට අවශ්‍ය නෑ කියලා, නමුත් හෙට ඔබේ තරඟකරුවන් සියළුදෙනා අන්තර්ජාලය තුලින් ඔවුන්ගේ ව්‍යාපාරය (වෙබ් අඩවි හරහා) ප්‍රචලිත කරමින් දියුණුවට පත් වෙන්නට උත්සාහ කරාවි. එමනිසා මුලින්ම කඩඉම පසු කරන කෙනාට ඇති වාසිය අවසානයට ලඟා වෙන කෙනාට ලැබෙන්නේ නැහැ.

අපි බලමු දැන් වෙබ් අඩවියක් සඳහා මූලිකවම සපුරා ගත යුතු දේවල්:
වසම් නාමයක් (Domain Name) .lk, .com, .net ආදී .lk domain name එකක්/ වසම් නාමයක් භාවිතා කිරීම තුලින් ඔබේ ව්‍යාපාරයට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ද ලබා දිය හැකි වේ. එය ඔබේ ව්‍යාපාරයට යම් කීර්තියක් ඇති කර ගැනීමටද ඉවහල් වේ. එමෙන්ම එම වසම් නාමය හරහා ඊමේල් ලිපිනයක් සාදා ගැනීම තුලින් ඔබේ ව්‍යාපාරයට වඩාත් වෘත්තීය මට්ටමක් ඇති කර ගත හැකි වේ. 
උදා:- mycompany.lk ( වසම් නාමය)  sales@mycompany.lk,  info@mycompany.lk ( ඊමේල් ලිපින)

*.lk  domain name එකක්/ වසම් නාමයක් ලබා ගැනීමට 
www.domains.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පූර්ණ කර ගත හැක වෙබ් අඩවි නිර්මාණකරුවෙක් (Web Developer, Web Designer) & Contents for Website තමන්ටම වෙබ් අඩවියක් සාදා ගැනීමට ද පුළුවන් ලොකු තාක්ෂණික දැනුමක් නොමැතිව වුවද (උදා:- වෙබ් අඩවි සාදන මෘදුකාංග හරහා, content management systems, website builders)

වෙබ් අඩවිය ස්ථානගත කිරීමට ඉඩක් (Web Hosting) 

ඔබගේ කුඩා ව්‍යාපාරයට අවශ්‍යවෙබ් අඩවියක් සාදා ගැනීමට හෝ ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහාය ලබා දීමට අප ආයතනය ඕනෑම අවස්ථාවක සූදානමින් සිටී.

LK Domain Registry

Friday, February 22, 2019

Wi-Fi Router භාවිතයේදී පරිස්සම් වෙමු


https://www.youtube.com/watch?v=EKzDIgJx_W4&t=12s

Wi-Fi Router භාවිතයේදී පරිස්සම් වෙමු - Wi-Fi Security 

ITN DIGITAL with TechCert



By : Asanka Dissanayake 
Information Security Officer


01)
Wireless network එකක් හා cable network එකක් මඟින් මූලිකව අපව අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සිදු කරයි.
නමුත් Wireless network එකක් මඟින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේදී අපට ලැබෙන ප්‍රධාන සහකරුවන් වන්නේ, භාවිතා කරන උපකරණ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීමයි.
දැනට අප භාවිතා කරන සියළුම උපකරණ වල wi-fi පහසුකම් සහිත වේ. එමඟින් අපගේ බොහෝමයක් කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව අපට පවතිනවා.
අපගේ කාර්යබහුල ජීවිතයේදී Wireless network එකක් භාවිතා කිරීමට පුරුදු වෙනවා සේම එහි ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වීමත් ඉතා වැදගත්.
ඒ අනුව අපි දැන් කතා කරමු Wireless network එකක් ආරක්ෂාකාරීව භාවිතා කිරීමට උපකාරී වන වැදගත් කරුණු කිහිපයක්.

02)
මුලින්ම ශක්තිමත් මුරපදයක් (Password එකක්) භාවිතා කිරීම වැදගත් වෙනවා. අද බොහෝමයක් දෙනා  Password එකක් විදිහට හැඳුනුම්පත් අංකය, උපන්දිනය, සුරතලාගේ නම ආදී ලෙස ඉතා පහසුවෙන් කෙනෙක්ට අනුමාන කල හැකි Password එකක් භාවිතා කිරීමට පුරුදු වෙලා තියෙනවා.
ඒක හරියට ගෙදර දොර ජනෙල් වහලා මල් පෝච්චිය යට තියලා යනවා වගේ වැඩක්. ඒ විදිහට අපරීක්ෂාකාරී නොවී Password එක විදිහට ;
1-      අකුරු සංයෝග
2-      සංකේත හා විශේෂ අක්ෂර
3-      ඉලක්කම්
භාවිතා කිරීම වැදගත්.
මීට අමතරව Wireless routers භාවිතා කරන සෑම අවස්ථාවකදීම ක්‍රියා විරහිත කර තැබීම ඉතා ආරක්ෂාකාරී පියවරක් විදිහට සලකන්න පුළුවන්.

03)
ඒ වගේම තමයි Guest network එක ක්‍රියා විරහිත කිරීමත් සිදු කල යුතුම දෙයක්. සාමාන්‍යයෙන් බොහෝමයක් උපකරණ වල by default guest network එකක් සක්‍රීය කරලා පවතින්නේ. ඉතින් මූලික configuration සිදු කලාට පස්සේ Guest network එක අනවශ්‍ය නම් ක්‍රියා විරහිත කර තැබීම අත්‍යාවශ්‍ය කරුණක් වගේම අප බොහෝ දෙනාට මඟහැරෙනම කාරණයක් විය හැක.
දැන් අපි බලමු wi-fi router එකේ display name එක ගැන.
සාමාන්‍යයෙන් router එක අපට ලැබෙන්නේ පොදු user name එකක් හා password එකක් එක්කයි. මුලින්ම අපි කලින් කතා කල විදිහට ශක්තිමත් password එකක් දැමීම කරන්න ඕනේ.

ඊලඟට අපගේ wireless network එකේ තොරතුරු පහසුවෙන් එලියට නොලැබෙන පරිදි display name එක වෙනස් කල යුතුයි. එය අපට Alpha connection හෝ Beta connection වැනි කිසිඳු වැදගත් තොරතුරක් ලබා නොදෙන පරිදි සැකසීම ඉතා වැදගත්.
ඉතින් මේ මූලික කාරණා වලට අමතරව ටිකක් ගැඹුරින් wireless network එකේ ආරක්ෂාව ගැන හිතනවා නම් අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

1-      Firewall කියලා wireless network setting එකක් තියෙනවා. එ්ක සක්‍රීය කිරීමෙන් අපිට අනවශ්‍ය incoming හා outgoing සම්බන්ධතා අවහිර කිරීම සිදු කල හැකිය.
ඒ වගේම තමා: MAC Filters සක්‍රීය කිරීම මඟින් අපගේ router එකට සම්බන්ධ වෙලා තියෙන උපකරණ හඳුනා ගෙන අනවශ්‍ය උපකරණ අවහිර කිරීමටත් අවශ්‍ය උපකරණ පමණක් සම්බන්ධ කිරීමටත් හැකියාව පවතිනවා.

මේ විදිහට අපගේ wireless router එකේ මූලික සැකසුම සදු කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ wireless network එකත් ඉතාම ආරක්ෂාකාරී වේ.


පරිගණක අපරාධ (Cyber Crimes Act )



By : Ayodya Balasuriya
Information Security Analyst
TechCert



පරිගණක අපරාධ වලට එල්ලුම්ගහ ද? - ITN Digital with TechCert





https://www.youtube.com/watch?v=7L0N_gVzREs&t=15s

වර්තමානය වන විට මිනිසා තාක්ෂණික වශයෙන් ලබා ඇති දියුණුව නිසාම පරිගණකය අද වන විට මිනිස් වර්ගයාගේ ජීවිත සඳහා එල්ල කර ඇත්තේ ප්‍රබල බලපෑම.

මේ සඳහා පිලියමක් ලෙස 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත සම්මත කර තිබෙනවා.

මෙම පනත පැනවීමේ අරමුණ වන්නේ:

  • ·         පරිගණක අපරාධ හඳුනා ගැනීම
  • ·         පරිගණක අපරාධ විමර්ශනය කිරීම
  • ·         පරිගණක අපරාධ වැළැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ග සැලසීමයි.


පරිගණක අපරාධයක් යන්න කුමක්ද කියලා මෙම පනතේ 3 වැනි වගන්තියේ සිට 13 වගන්තිය දක්වා විස්තර කර තිබෙනවා.

කිසියම් තැනැත්තෙකු විසින් හිතාමතාම තමා උදෙසා / වෙනත් යම් තැනැත්තෙකු උදෙසා යම් පරිගණකයකට/ යම් පරිගණකයක් තුල ගබඩා කර තිබෙන තොරතුරු වලට ප්‍රවේශ වීමේ අරමුණින්,
එම ප්‍රවේශය ලබා ගැනීමට ඔහුට නීත්‍යානුකූල බලයක් නොමැති බවට දැනුවත්ව යම් ක්‍රියාවක් කරනු ලබයි නම් එය වරදක් බව දක්වා තිබේ.

අධිකාරී බලයක් නොමැතිව පරිගණක කර්තව්‍යක් ඉටු කිරීමට සැලැස්වීම වරදක්  (Perform a function without lawful authority)
උදා: අධ්‍යාපනික පරිගණක ජාලයකට අනවසරෙන් ප්‍රවේශය ලබාගෙන එහි තිබූ ලිපිගොනු මකා හැරීම.

යම් පරිගණකයකට හිතාමතා යම් කර්තව්‍යයක් ඉටු කිරීමට සැලැස්වීමෙන් එමඟින්:
  • ·         ජාතික ආරක්ෂාවට‍
  • ·         ජාතික ආර්ථිකයට
  • ·         මහජන ආරක්ෂාවට


නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබා ගත් දත්ත ආදිය සමඟ කටයුතු කිරීම.
(මිලට ගැනීම, ලබා ගැනීම, රඳවා ගැනීම, විකිණීම හෝ පිටපත් කිරීම (involvement with data) ඕනෑම ආකාරයකින් කටයුතු කිරීම)

නීති විරෝධී ලෙස දත්ත අත්පත් කරගැනීම (Unlawful obtaining of Data)
පරිගණකයක් විසින් පරිගණකයක් තුල සිදුකරන හුවමාරු වන දත්ත/ සේවාදායක තොරතුරු යම් තාක්ෂණික විධික්‍රම මගින් අවසරයක් නොමැතිව අත්කර ගැනිම.

පනත යටතේ වරදක් සිදු කිරිම සඳහා නිති විරෝධි උපක්‍රම සැපයිම වරදක් 
එනම් මුරපදයක් (password)
ප්‍රවේශ කේතයක් (Access Code) හෝ ඒ හා සමාන දත්ත නීත්‍යානුකූල නොවන ලෙස භාවිතා කිරීමට, විකිණිමට, මිලට ගැනීම, ආනයනය කරන, අපනයනය කරන, බෙදාහරින හෝ සපයා දීම වරදක්.

Ex: Credit card ආශ්‍රීත වැරදි වලදී වර්තමානයේ යම් පුද්ගලයන්ගේ Credit card numbers හා රහස් අංක හඳුනාගැනීමේ උපක්‍රම හා උපකරණ නීත්‍යානුකූල නොවේ.

සේවාවකට ප්‍රවේශ වීමට නීත්‍යානුකූල බලයක් නොමැතිව තොරතුරු අනාවරණය කිරීම
(Unauthorized disclouser of information enabling access to a service)

මෙය වාණිජමය ආයතන සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.
  • ·         වරදක් සිදු කිරීමට තැත් කිරීම
  • ·         වරදක් සිදු කිරීමට අනුබල දීම
  • ·         වරදක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම
  • ·  වරදක ප්‍රතිඵලයක් ලෙස සිදුවන පාඩුවක්/ අලාභයක් වෙනුවෙන් ප්‍රතිපාදන බලපාන්නේ කෙසේද



Ayodya Balasuriya
Information Security Analyst
TechCert








Monday, February 18, 2019

“IT Yahamaga” January 2019


“IT Yahamaga” is an interactive program creating awareness among school children and youth, on the advantages, safety and positive uses of the internet. These programs are conducted Island-wide through Sarvodaya Fusion under the approval of Ministry of Education, with the sponsorship of LK Domain Registry.

Through this platform, the students are educated of the incidents where cyber space has been used as a mode for criminal activities, which may result a great deal of social issues, sometimes ending up with hatred, divorce cases, teenage suicides, etc. 

Most of these wrongdoings happen with the use of social media. Therefore, we aim at making students aware of capturing only the best practices of social networking sites, providing them a wide range of successful stories, where technology has been used to bring about positive change in the society as well as personal growth.


In addition to that, the students, IT teachers and principals are trained on the useful links to develop the IT skills. In January 2019, programs for a total of 2374 children covering 500 in Puttlam District, 406 in Hambantota, 973 in Ratnapura and 495 in Kurunegala have been conducted successfully. Moreover, LK Domain Registry wishes to provide sponsorship for 10,000 students, 1000 teachers and 125 principals in 2018 / 2019.






Friday, February 8, 2019

Project Hithawathi


Project Hithawathi - Your confidante in Cyber Space


https://www.youtube.com/watch?v=G09qs5Z9Ofg




Social Media නිසා පීඩාවට පත් වූ කාන්තාවක් ද? | Hithawathi - හිතවතී - ITN Digital with NIC





This project titles as “Hithawathi-Your Confidante” which was initially commenced in January 2014.Hithawathi project is a help desk designed for the victims  and casualties of technology / internet related activities. The project was initiated by the community members of Internet Society – Sri Lanka Chapter (ISOC-LK)and LK Domain Registry (LKDR).  It is connected and privileged to get assistance of  national level organizations such as, Sri Lanka Computer Emergency Response Team (SLCERT), TechCERT, Sri Lanka Police and individuals such as students’ counselors, legal advisors attached to different organizations , members of ISOC-LK and LKDR. Some of the individuals have been serving voluntarily.

Hithawathi can be described as a supporter, a listener, a guide, a helper to internet users, especially young girls & ladies, teenagers and minors…‘Hithawathi’ educates public recognizing incidents related to cyber harassment, cyber stalks, black mail incidents and cyber bulling..etc. Also ‘Hithawathi’  makes you aware of how to prevent such incidents and is always there to guide if such situations  occur.

Hithawathi project mainly concerns women, children and those who are victimized or looking for information, however, it is not limited only for females. Anybody can request help or assistance from Hithawathi, regardless gender, age, language or any other limitations. The guidance is served in all three languages – Sinhala, Tamil and English.

This helpdesk can be contacted through different means – Hotline-telephone number
+9411 4216062, email address – hithawathi@isoc.lk to make any request or  seek assistance / guidance. Furthermore, it comes up with a website (www.hithawathi.lk), a blog (https://hithawati.blogspot.com) and a facebook page (www.facebook.com/hithawathi)  sharing knowledge, guidelines ( of popular social networking sites), safety tips etc... The website provides guidelines to be safe from some of the harmful internet frauds, identify them and even report them.

Currently the hotline is available during office hours – Monday to Friday from 08.30 am – to 5.00pm. It is hoping to extend the service 24X7 in future.
If you are happened to meet with any cyber space/ internet related issue and you are not able to figure-out what to be done exactly or to whom to talk , then you may contact Hithawathi.  Hithawathi is glad to  support you specially  directing you what to be done.

In some of these cases, the victim may have to make a complaint at the Police  yet feeling uncomfortable to discuss some of the incidents with a male partner. Hithawathi caters issues through their helpline, which is handled by well trained and trustworthy female officers, who are   willing to kindly listen to the victim and guide them towards the correct path.

In addition to the help desk, Hithawathi project will be conducting awareness sessions targeting young and female crowd in the country.
For more infomation refer: www.hithawathi.lk


හිතවතී ව්යාපෘතිය - සයිබර් අවකාශයේ ඔබේ යෙහෙළිය

මෙම ව්යාපෘතිය නම්කරනු ලබන්නේ හිතවතී - ඔබේ යෙහෙළිය යන නමින්. 2014 වසරේ ජනවාරි මස ආරම්භ කරනු ලැබූ මෙම ව්යාපෘතිය අන්තර්ජාලය හෝ තොරතරු තාක්ෂණය හේතුවෙන් හිංසනයකට / කරදරයකට ගොදුරු වූවන් වෙනුවෙන් ආරම්භ කල උපකාරක වැඩසටහකි. මෙම ව්යාපෘතිය ආරම්භ කරනු ලැබූවේ ශ්රී ලංකා අන්තර්ජාල සමාජය(Internet Society Sri Lanka) සහ ලක්වසම් අධිකාරිය (LK Domain Registry) මූලිකත්වයෙන් එහි සාමාජිකයින් විසිනි. එමෙන්ම ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය(SLCERT), ටෙක්සර්ට් ආයතනය(TechCERT) සහ ශ්රී ලංකා පොලීසිය යන ආයතනවල සහයෝගයත්, විවිධ අවස්ථා වලදී ශිෂ් උපදේශකවරුන්, නීති උපදේශකවරුන් වැනි විවිධ  උපදේශකවරුන්ගේ සේවාවන්හි සහයෝගයද මේ ව්යාපෘතියට ලැබේ. අතැම් උපදේශකවරුන් තම සේවය ලබාදෙන්නේ ස්වේච්ජාවෙනි.

හිතවතී ව්යාපෘතිය පිලිබඳව හඳුන්වාදීමේදී, එය අරමුණු කරන්නේ අන්තර්ජාලය භාවිතා කරන - විශේෂයෙන් කාන්තාවන්ට, තරුණියන්ට, යොවුන් වියේ දරු දැරියන් හා බාලවයස්කරුවන් අන්තර්ජාලය සහ එහි සේවාවන් භාවිතා කිරීමේදී සිදුවන අපහසුතාවයන්, වැරදි යොමුකිරීම් , වැරදි සහගත සහ අනවශ් බලපෑම් වැනි සිදුවීම් පිළිබඳ කතාකරන්න සහ දැනුවත් වෙන්න මෙන්ම එවැනි අවස්ථාවලදී කලයුතු දෑ පිලිබඳව මෙන්ම එවන් අනතුරු වළක්වා ගැනීමට  කලයුතු දෑ පිළබඳවද ජනතාවට මඟපෙන්වීමට හිතවතී ව්යාපෘතිය කටයුතුකරනවා.

මෙම ව්යාපෘතියෙන් කාන්තාවන් සහ ළමයින් පිළිබඳව මූළික අවධානය යොමුකළත් එය කාන්තාවන්ට පමණක් සීමාවී නොමැත. වයස්, භාෂා හෝ ගැහැණු/පිරිමි බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මෙම ව්යාපෘතියෙන් සහයෝගය/ උදව් ගැනීමට හැකියාව තිබේ. සිංහල, දමිල, ඉංග්රීසි යන භාෂා තුනෙන්ම මෙම සේවාවන් සැපයේමෙම උපකාරක සේවාව සඳහා සම්බන්ධවීමට ආකාර කීපයක් පවතී. පොදු දුරකතන අංකයක් -+9411 4216062 මෙන්ම ඉලෙක්ට්රොනික තැපැල් ලිපිනයක්(email address)hithawathi@isoc.lk මගින් ඔබේ ගැටලු ඉදිරිපත් කළ හැකිය. මීට අමතරව www.hithawathi.lk වෙබ් අඩවිය https://hithawati.blogspot.com බ්ලොක් අඩවිය සහ www.facebook.com/hithawathi හිතවතී ෆේස්බුක් පිටුව හරහාත් මේ සම්බන්ධ තොරතුරු, දැනුම සහ මඟපෙන්වීම් ලබා දේ. අන්තර්ජාල සොරකම්, වංචාවන්  පිළිබඳ දැනුමත් ඒවා හඳුනා ගැනීම සහ ඒවා වාර්තා කිරීමට පවා මාර්ගෝපදේශන  වෙබ් අඩවිය හරහා ලබා දේ.

දැනට කාර්යාලයීය වේලාවන් වලදී එනම් සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.. 08.30 සිට .. 5.00 දක්වා හිතවතී ඇමතීමට හැකියාව පවතී. ඉදිරියේදී එය පැය 24X7 සේවයක් ලබාදීමට කටයුතු කරනු ඇත.

අන්තර්ජාලය හෝ තාක්ෂණික භාවිතයන් නිසා ඇතිවූ ගැටළුවක්  පවතින අවස්ථාවදී ඔබ කළයුතු දෑ, ගතයුතු පියවර හෝ සම්බන්ධව දැනුම් දියයුතු පුද්ගලයන්/ආයතන පිළිබඳව ඔබට නිවැරදි අවබෝධයක් නොමැති නම් හිතවතීසම්බන්ධ කර ගන්න. සම්බන්ධයෙන් සහය වීමට මෙම ව්යාපෘතියේ සාමාජිකයින් සහයෝගය ලබාදෙනු ඇත.

මෙවැනි ඇතැම් ගැටළු වලදී ශ්රී ලංකා පොලීසියේ පැමිණිල්ලක් සටහන් කිරීමට ලංකාවේ නීතිය අනුව සිදුවෙනවා. එමෙන්ම ඇතැම්විට කාන්තා ඔබේ ගැටලුවත් පිරිමි සේවා සහයකවරයෙකු සමඟ කතාකිරීමට අපහසු වීමට පුළුවන්‌. එවිට හිතවතී උපකාරක සේවයෙන් ඔබට හිතවත් ලබැඳි කාන්තා නිලධාරිනියකගේ සේවය ලබා ගැනීමට හැකියාව තිබේ.

හිතවතී උපකාරක සේවයට අමතරව විශේෂයෙන් තරුණ සහ කාන්තා ප්රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදි ක්රියාත්මක කිරීමට නියමිතයි.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න www.hithawathi.lk

https://hithawathi.lk/