Friday, February 8, 2019

ජංගම දුරකථන භාවිතය


Mobile Security Best Practices

අද දින කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ජංගම දුරකතන නිසි පරිදි ආරක්ක්ෂා කිරීමේ ඇති වැදගත්කම හා ඒ සඳහා ගත යුතු පියවරයන් ය.

අද වන විට ලංකාව තුල ජංගම දුරකථන භාවිතය වයස අවුරුදු 10 ළමුන්ගේ සිට වැඩිහිටි දක්වා විහිදී ගොස් ඇත.

තවද 2019 වන විට ලෝකය තුල බිලියන 5ක් ජංගම දුරකථන භාවිතයක් බලාපොරොත්තු විය හැකි බව Statistica ආයතනයේ වාරථා වලින් පෙන්වා දී තිබේ.
මෙලෙස ජංගම දුරකථන භාවිතය සීඝ්‍රයෙන් වර්ධනය වන අතරතුර ඊට සමගාමීව ලඟාවිය හැකි අහිතකර ප්‍රථිඵල ද ඉහල ගොස් ඇත.

හැකර්වරුන්ගේ නොයෙකුත් උපක්‍රම මඟින් mobile users ලවා දත්ත ලබාගෙන ඔවුන්ගේ වාසි සඳහා යොදාගත හැකි මෙම වාසි පුද්ගලික, මූල්‍යමය හෝ දේශපාලනික හේතූන් විය හැක.

අපි දැන් බලමු මේවායින් ආරක්ෂා වීමට ගත හැකි මූලික පියවරවල් හා උපක්‍රම:

ප්‍රථමයෙන් ඔබ ඔබගේ ජංගම දුරකථනයට ඇති ප්‍රවේශය සීමා කිරීමට user authentication ක්‍රමවේදයක් භාවිතා කල යුතු වේ. එය Pin number, Pattern හෝ fingerprint එක විය හැක. බොහෝ විට අලුතින් මිලදීගත් devices වල මෙය අක්‍රීය කොට තිබිය හැක.
ඊලඟ කරුණ නම් ඔබගේ උපාංගයේ OS එක හා Application යාවත්කාලීන එනම් update කල යුතු වේ. මන්ද දෝෂ හමු වූ විට නිශ්පාදකයන් විසින් ඒවාට අදාල updates  නිකුත් කරනු ලැබේ.

Apple device භාවිතා කරන්න settings වෙත ගොස් General  tab එක select කර software update වෙත පිවිස පරීක්ෂා කරන්න.

Apple device “  “settings වෙත ගොස් system update වෙත පිවිස පරීක්ෂා කරන්න.
ඔබගේ application යාවත්කාලීන කිරීම සඳහා Apple App Store හෝ Google Play Store භාවිතා කරන්න.

ජංගම දුරකථන නිෂ්පාදකයන් ලබා දෙන තවත් සේවාවකි. ඔබගේ device එක ගැනීමකදී හෝ හොරකමකට ලක්වූවිට දුරකථනය සොයාගෙන එය lock කිරීමට හෝ දත්ත මකා ගැනීමට ඔබට පහසුකම් සැලසීම. මෙම features සක්‍රීය කර ගැනීම සඳහා.

Apple device users  à Settings වෙත පිවිස I cloud හි Find my iPhone enable කරන්න.
Android users à Settings වෙත පිවිස Location & Security device admin select කරන්න.

Mobile Security App එකක් ස්ථාපනය කිරීමෙන් ඔබේ උපාංගය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට උපකාරී වන අතර ඔබගේ දත්ත ආරක්ෂා කිරීමටද උපකාරී වේ. වර්තමාන වෙලඳපොලෙහි මෙවන් මෘදුකාංග බහුලව දක්නට ලැබේ. එම නිසා බහුලව භාවිතා වන විශ්වාසනීය මෘදුකාංගයන් ස්ථාපනය කිරීම යෝග්‍ය වේ.

තවද ඔබේ device මත Automatic WiFi Connection විශේෂාංගය අක්‍රීය කොට තිබිය යුතු වේත ඒ වගේම public WiFi hotpots හැකිතාක් සම්බන්ධ වීමෙන් වැලකී සිටිය යුතු වේ. මෙලෙස නොමිලේ ලැබෙන WiFi ජාල වලින් තොරතුරු විකුණා දැමිය හැකි අතර අවසානයේ ඔබගේ පුද්ගලික තොරතුරු කාන්දු වීමේ අවදානමකට ලක්විය හැක.

අවසාන වශයෙන් ඔබගේ ජංගම දුරකථනයේ දත්ත සතිපතා හෝ මාසිකව වෙනත් මාධ්‍යයක backup කර ගැනීමෙන් උපාංගය දෝෂ සහගත අවස්ථාවකදී හෝ සොරකම් කර ඇති අවස්ථාවකදී එම දත්ත නැවත ලබාගත හැකි වේ.

ඔබ මෙම සරල නමුත් ඵලදායී පියවර අනුගමනය කරන්නේ නම් ඔබට ඔබගේ ජංගම දුරකථනය හා එම දත්ත ආරක්ෂා කරගැනීමට උපකාරී වේ.

By : Viraj Madhawa - TechCert
(Information Security Engineer)