Thursday, February 28, 2019

කුඩා ව්‍යාපාරයක් සඳහා වෙබ් අඩවියක ඇති අවශ්‍යතාව හා වැදගත්කම



ව්‍යාපාර සහ අන්තර්ජාලය - ITN Digital with Domains.lk


pls click the link

BY : RUWAN  WIGAMANAGE
LK DOMAIN REGISTRY
කුඩා ව්‍යාපාරයක් සඳහා අන්තර්ජාලය යොදා ගැනිම පිළිබඳ සලකා බැලීමේදී, වෙබ් අඩවිය යන වචනය අපට නිතැතින්ම අපගේ මතකයට එනවා. එහිදී අප විමසා බැලිය යුතු කාරණය නම් ඇයි අපට වෙබ් අඩවියක් අවශ්‍ය? අපගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නොමැතිව කටයුතු කල නොහැකිද? එමගින් අපට ඇති වාසි කවරේද? වෙබ් අඩවියක් සාදා ගැනීම හා ඒ අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගන්නේ කෙසේද? වැනි හේතු කාරණා රාශියක් අපට සලකා බැලීමට සිදුවෙනවා.

අප කවුරුත් දන්නා පරිදි අද ලෝකය පිළිබඳ විමසීමේ දී මිනිසුන්ගේ ජීවන රටාවත් සමග අන්තර්ජාලය ඉතා විශාල වශයෙන් සම්බන්ධ වී තිබෙනවා. එවන් වටපිටාවක ඒ තුළින් අපගේ කුඩා ව්‍යාපාරයක ඉතා විශාල වාසියක් අත්කර ගැනීමට මේ වෙබ් අඩවිය යන කාරණය පාවිච්චි කල හැකිය. එයට හේතුව ඔබට පුළුවන් ඔබේ කුඩා ව්‍යාපාරයට සම්බන්ධ තොරතුරු (උදාහරණ ලෙස, භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු, එම සේවා ලබා දෙන ස්ථාන, ඔබේ සැපයුම්කරුවන්, ගණුදෙනුකරුවන්) වෙබ් අඩවිය හරහා ලෝකයටම දැන ගැනීමට සැලැස්විය හැකිය. එවිට ඔබේ ව්‍යාපාරය පිළිබඳ ඒ හා සම්බන්ධ උනන්දුවක් ඇති ඕනෑම අයකුට අන්තර්ජාලය හරහා විස්තර ලබා ගත හැකි වෙනවා.

අද ඔබට හිතෙන්නට පුළුවන්, මට දැනට අන්තර්ජාලය හරහා ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට අවශ්‍ය නෑ කියලා, නමුත් හෙට ඔබේ තරඟකරුවන් සියළුදෙනා අන්තර්ජාලය තුලින් ඔවුන්ගේ ව්‍යාපාරය (වෙබ් අඩවි හරහා) ප්‍රචලිත කරමින් දියුණුවට පත් වෙන්නට උත්සාහ කරාවි. එමනිසා මුලින්ම කඩඉම පසු කරන කෙනාට ඇති වාසිය අවසානයට ලඟා වෙන කෙනාට ලැබෙන්නේ නැහැ.

අපි බලමු දැන් වෙබ් අඩවියක් සඳහා මූලිකවම සපුරා ගත යුතු දේවල්:
වසම් නාමයක් (Domain Name) .lk, .com, .net ආදී .lk domain name එකක්/ වසම් නාමයක් භාවිතා කිරීම තුලින් ඔබේ ව්‍යාපාරයට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ද ලබා දිය හැකි වේ. එය ඔබේ ව්‍යාපාරයට යම් කීර්තියක් ඇති කර ගැනීමටද ඉවහල් වේ. එමෙන්ම එම වසම් නාමය හරහා ඊමේල් ලිපිනයක් සාදා ගැනීම තුලින් ඔබේ ව්‍යාපාරයට වඩාත් වෘත්තීය මට්ටමක් ඇති කර ගත හැකි වේ. 
උදා:- mycompany.lk ( වසම් නාමය)  sales@mycompany.lk,  info@mycompany.lk ( ඊමේල් ලිපින)

*.lk  domain name එකක්/ වසම් නාමයක් ලබා ගැනීමට 
www.domains.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පූර්ණ කර ගත හැක වෙබ් අඩවි නිර්මාණකරුවෙක් (Web Developer, Web Designer) & Contents for Website තමන්ටම වෙබ් අඩවියක් සාදා ගැනීමට ද පුළුවන් ලොකු තාක්ෂණික දැනුමක් නොමැතිව වුවද (උදා:- වෙබ් අඩවි සාදන මෘදුකාංග හරහා, content management systems, website builders)

වෙබ් අඩවිය ස්ථානගත කිරීමට ඉඩක් (Web Hosting) 

ඔබගේ කුඩා ව්‍යාපාරයට අවශ්‍යවෙබ් අඩවියක් සාදා ගැනීමට හෝ ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහාය ලබා දීමට අප ආයතනය ඕනෑම අවස්ථාවක සූදානමින් සිටී.

LK Domain Registry