Sunday, July 7, 2024

මේ දවස්වල සුලබ වංචා / ස්කෑම් වර්ග


මේ දිනවල සිදුවන සයිබර් වංචා💻🚩 | ITN Digital with LK Domain Registry | Supunna Pathirana

මේ දවස්වල සුලබ වංචා / ස්කෑම් වර්ග ගැන තමයි අද මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

සාමන්‍යයෙන් ස්කෑමර්ස් ලා වංචාවක් කරන්න කලින් ඒ පරිසරය ගැන පොඩි අධ්‍යයනයක් කරනවා. ඒ වගේම එයලා මිනිසුන්ගේ හැඟිම් එක්ක තමයි මේ සෙල්ලම / ට්‍රික් එක කරන්නෙ.

හොඳම උදාහරණයක් තමයි මේ දවස් වල රටේ ආර්ථික අපහසුතා නිසා ගොඩක් අය ලෝන් ගන්න යොමු වෙලා තියනවා. ඉතින් ඔන්ලයින් ලෝන් දෙනවා කියලා සාමන්‍යය ජනතාව රවටන වංචාවක් සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩ්  එකක් වෙලා තියනවා. මෙතනදී ලෝන් දෙනවා කියලා ෆේස්බුක් එකේ හරි කොහේ හරි ඔන්ලයින් ඇඩ් එකක් දානවා ඊට පස්සෙ ලෝන් අවශ්‍යය අයට එයාල මුදල් දෙනවා. පහසු වාරික ගෙවීමේ ක්‍රමයකට තමයි මේ ලෝන් දෙන්නෙ, ඒත් ටික දවසක් යනකොට එයාලා එකපාරට වාරික මුදල් වැඩි කරනවා. ඊට පස්සෙ ණය ගත්ත අයට ගෙවා ගන්න බැරි වුනහම ඒ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානී වෙන විදියට පින්තූර අරන් සෝෂල් මීඩියා චැනල් වල ශෙයා කරනවා.. ඒ අතරතුර ඒ පුද්ගලයන්ව බ්ලැක්මේල් කරනවා සමහර වෙලාවට ගත්ත මුදලටත් වඩා වැඩි ගාණක් ඉල්ලලා.

ඒ වගේම ඩොලර් අර්බුදය හේතු කරගෙන තව වංචාවක් කරනවා සමාජ මාධ්‍ය හරහා. එතනදී කරන්නෙ වට්සැප් වයිබර් වගේ මැසේජිං ඇප්ස් හරහා messages එවනවා
අඩු රුපියල් ගාණක් ගෙවලා ඩොලර් නෝට්ටු ලබාගන්න පුළුවන් කියලා. එයාලා බැංකු ගිණුමක් දෙනවා සල්ලි ඩිපොසිට් කරන්න කියලා. අදාල ඩොලර් ගාණ එයාලා අපේ බැංකුවට එවනවා කියලා තමයි කියන්නෙ. හැබැයි සල්ලි දැම්මයින් පස්සෙ එයාලා ඩොලර් එවන්නෙ නෑ. ඇත්තට ම ඊට පස්සෙ මොනම විදියකටවත් මේ පුද්ගලයන්ව සම්බන්ධ කරගන්න බෑ.

මීට අමතරව තව සුලබ ස්කෑම් එකක් තමයි පිටරට ඉන්න විදියට පුද්ගලයෙක්  ඊමේල් එවනවා. ඊමේල් එකේ මොකක් හරි කථාවක් කියනවා කවුරුහරි මේ ඊමේල් එකට reply කරොත් relationship එකකුත් build up කරන්න try කරනවා.  සමහර වෙලාවට කියන්නෙ එයාලගෙ රටේ යුද්ධය නිසා ලංකාවට එන්න හිතනවා. ඒත් එයා ගාව ඩොලර් මිලියන 2ක මනී බොක්ස් එකක් තියනවා ඒක විශ්වාස කෙනෙකුට දෙන්න ඕන නිසා ඔයාට එවනවා කියලා. ලක්ෂ 2ක් වගේ clearance fee එකක් ගෙවලා ඒක වරායෙන් නිදහස් කරගන්න කියලා.  ඇත්තටම එකේ පින්තූරයක් පවා එවනවා තවත් විශ්වාසය වැඩි කරගන්න. හැබැයි අර clearance fee එක ගෙව්වට පස්සෙ ඒ පුද්ගලයන්ව හොයා ගන්නත් නෑ.

ඒ වගේම මේ දවස් වල තව ට්‍රෙන්ඩ් වෙන ස්කෑම් එකක් තමයි සමාජ මාධ්‍ය (ෆේස්බුක් . ඉන්ස්ටග්‍ර්රෑම්) හරහා relationship එකක් හදාගෙන ඊට පස්සෙ වීඩියෝ කෝල්ස්/ පින්තූර ශෙයා කරගෙන ඒ වීඩීයෝ කෝල්ස් වල ස්ක්‍රීන් රෙකෝඩිං භාවිතා කරලා බැල්ක්මේල් කිරීම. ඒවා ලීක් කරනවා කියලා බය කරලා සල්ලි ඉල්ලනවා. නැත්නම් අදාළ තැනැත්තාගේ වෙනත් අවශ්‍යතා සපුරන්න කියලා බලපෑම් කරනවා.  

මේ වගේ වංචාවකට ඔයා අහුවුනොත් මොකක්ද කරන්න ඕන කියලා බලමු. මුලින්ම ස්කෑමර් එක්ක ඔයා කරපු සංවාදවල ස්ක්‍රීන්ශොට් ගන්න. ඒ වගේම සමාජ මාධ්‍ය ඇප් එක හරහා අදාල පුද්ගලයන් රිපෝට් කිරීමට / බ්ලොක් කිරීමට පහසුකම් ලබා දීලා තියනවා. තව දුරටත් ඔයාට පුළුවන් CCID/ පොලීසිය වැනි ආයතන වලින්  නීතිමය සහය ලබා ගන්න. අපි අහලා තියෙනවා මේ වගේ ප්‍රශ්න නිසා සමහරු ගොඩක් දුක්වෙනවා, සැලෙනවා, ලැජ්ජාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවන අවස්ථා. මේ වගේ වෙලාවකදී ඔයා මානසිකව වැටිලා වගේ කියලා හිතෙනවනම්, ඊට අදාළ මනෝ විද්‍යා උපදේශනය නොමිලේ සපයන ආයතන තියෙනවා කියලා අමතක කරන්න එපා. ඔයා වංචාවකට හසු වෙලා තනියම විඳවන්න අවශ්‍ය නැහැ. සරලවම, මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි නම් හිතවතී ට කථා කරලා නොමිලේ උපදෙස් ලබාගන්න පුළුවන්. 


හිතවතී ක්ෂණික ඇමතුම් අංකය: 011 421 6062

වට්ස්ඇප් සහ වයිබර්: +94 77 771 1199

වෙබ්අඩවිය: www.hithawathi.lk