Friday, February 22, 2019

Wi-Fi Router භාවිතයේදී පරිස්සම් වෙමු


https://www.youtube.com/watch?v=EKzDIgJx_W4&t=12s

Wi-Fi Router භාවිතයේදී පරිස්සම් වෙමු - Wi-Fi Security 

ITN DIGITAL with TechCert



By : Asanka Dissanayake 
Information Security Officer


01)
Wireless network එකක් හා cable network එකක් මඟින් මූලිකව අපව අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සිදු කරයි.
නමුත් Wireless network එකක් මඟින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේදී අපට ලැබෙන ප්‍රධාන සහකරුවන් වන්නේ, භාවිතා කරන උපකරණ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීමයි.
දැනට අප භාවිතා කරන සියළුම උපකරණ වල wi-fi පහසුකම් සහිත වේ. එමඟින් අපගේ බොහෝමයක් කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව අපට පවතිනවා.
අපගේ කාර්යබහුල ජීවිතයේදී Wireless network එකක් භාවිතා කිරීමට පුරුදු වෙනවා සේම එහි ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වීමත් ඉතා වැදගත්.
ඒ අනුව අපි දැන් කතා කරමු Wireless network එකක් ආරක්ෂාකාරීව භාවිතා කිරීමට උපකාරී වන වැදගත් කරුණු කිහිපයක්.

02)
මුලින්ම ශක්තිමත් මුරපදයක් (Password එකක්) භාවිතා කිරීම වැදගත් වෙනවා. අද බොහෝමයක් දෙනා  Password එකක් විදිහට හැඳුනුම්පත් අංකය, උපන්දිනය, සුරතලාගේ නම ආදී ලෙස ඉතා පහසුවෙන් කෙනෙක්ට අනුමාන කල හැකි Password එකක් භාවිතා කිරීමට පුරුදු වෙලා තියෙනවා.
ඒක හරියට ගෙදර දොර ජනෙල් වහලා මල් පෝච්චිය යට තියලා යනවා වගේ වැඩක්. ඒ විදිහට අපරීක්ෂාකාරී නොවී Password එක විදිහට ;
1-      අකුරු සංයෝග
2-      සංකේත හා විශේෂ අක්ෂර
3-      ඉලක්කම්
භාවිතා කිරීම වැදගත්.
මීට අමතරව Wireless routers භාවිතා කරන සෑම අවස්ථාවකදීම ක්‍රියා විරහිත කර තැබීම ඉතා ආරක්ෂාකාරී පියවරක් විදිහට සලකන්න පුළුවන්.

03)
ඒ වගේම තමයි Guest network එක ක්‍රියා විරහිත කිරීමත් සිදු කල යුතුම දෙයක්. සාමාන්‍යයෙන් බොහෝමයක් උපකරණ වල by default guest network එකක් සක්‍රීය කරලා පවතින්නේ. ඉතින් මූලික configuration සිදු කලාට පස්සේ Guest network එක අනවශ්‍ය නම් ක්‍රියා විරහිත කර තැබීම අත්‍යාවශ්‍ය කරුණක් වගේම අප බොහෝ දෙනාට මඟහැරෙනම කාරණයක් විය හැක.
දැන් අපි බලමු wi-fi router එකේ display name එක ගැන.
සාමාන්‍යයෙන් router එක අපට ලැබෙන්නේ පොදු user name එකක් හා password එකක් එක්කයි. මුලින්ම අපි කලින් කතා කල විදිහට ශක්තිමත් password එකක් දැමීම කරන්න ඕනේ.

ඊලඟට අපගේ wireless network එකේ තොරතුරු පහසුවෙන් එලියට නොලැබෙන පරිදි display name එක වෙනස් කල යුතුයි. එය අපට Alpha connection හෝ Beta connection වැනි කිසිඳු වැදගත් තොරතුරක් ලබා නොදෙන පරිදි සැකසීම ඉතා වැදගත්.
ඉතින් මේ මූලික කාරණා වලට අමතරව ටිකක් ගැඹුරින් wireless network එකේ ආරක්ෂාව ගැන හිතනවා නම් අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

1-      Firewall කියලා wireless network setting එකක් තියෙනවා. එ්ක සක්‍රීය කිරීමෙන් අපිට අනවශ්‍ය incoming හා outgoing සම්බන්ධතා අවහිර කිරීම සිදු කල හැකිය.
ඒ වගේම තමා: MAC Filters සක්‍රීය කිරීම මඟින් අපගේ router එකට සම්බන්ධ වෙලා තියෙන උපකරණ හඳුනා ගෙන අනවශ්‍ය උපකරණ අවහිර කිරීමටත් අවශ්‍ය උපකරණ පමණක් සම්බන්ධ කිරීමටත් හැකියාව පවතිනවා.

මේ විදිහට අපගේ wireless router එකේ මූලික සැකසුම සදු කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ wireless network එකත් ඉතාම ආරක්ෂාකාරී වේ.