Page loaded.Getting gadget data

Thursday, March 26, 2026

අපි තාක්ෂණය භාවිතා කරනවාද නැත්නම් තාක්ෂණය අපිව භාවිතා කරනවාද?’



ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ MTV කාව්‍යා ‘අපි තාක්ෂණය භාවිතා කරනවාද නැත්නම් තාක්ෂණය අපිව භාවිතා කරනවාද?’ යන මාතෘකාව ගැන ITN Digital සමඟ කතා කළා.

තාක්ෂණය (Technology) අද ලෝකයේ වඩාත්ම බලවත් මෙවලමක්. ඒකෙන් අපට ඉගෙනගන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, ලෝකය සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මේ බලය හරි ලෙස භාවිතා නොකළොත්, ඒක අපවම පාලනය කරන එකක් වෙන්නත් පුළුවන්.

ඇත්තටම මම තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත්, විවිධ පුද්ගලයන් තමන්ගේ දැක්ම මට්ටම් අනුව එය විවිධ ආකාරවලින් අර්ථ දක්වයි.

උදාහරණයක් ලෙස

සාමාන්‍ය පුද්ගලයෙකුගේ අදහස

“තාක්ෂණය කියන්නේ අපගේ දෛනික ජීවිතය පහසු කරන උපකරණ සහ යන්ත්‍ර.”

උදාහරණයක් ලෙස: ජංගම දුරකථන, ටෙලිවිෂන්, පරිගණක.

ශිෂ්‍යෙකුගේ අදහස

“තාක්ෂණය කියන්නේ ඉගෙනීම, සන්නිවේදනය සහ විනෝදාස්වාදය සඳහා භාවිතා කරන නවීන උපකරණ සහ මෘදුකාංග.”

ඉංජිනේරු / IT වෘත්තිකයෙකුගේ අදහස

“තාක්ෂණය කියන්නේ විද්‍යාත්මක දැනුම භාවිතා කර ගැටලු විසඳීම සඳහා නිර්මාණය කරන පද්ධති, ක්‍රියාවලි සහ මෙවලම්.”

ගුරු වරයෙකුගේ / අධ්‍යාපනික දෘෂ්ටිකෝණය

“තාක්ෂණය කියන්නේ දැනුම නිර්මාණය, බෙදාහැරීම සහ ඉගෙනීම වැඩි දියුණු කරන උපකරණ සහ ක්‍රම.”

සමාජමය දෘෂ්ටිකෝණය

“තාක්ෂණය කියන්නේ පුද්ගලයන් අතර සන්නිවේදනය, සම්බන්ධතා සහ සමාජ හැසිරීම් වෙනස් කරන බලවත් සාධකයක්.”

නැවතත් මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, ඔයා ඇහැදිලා නැගිටින ගමන් පළවෙනියට කරනේ මොකක්ද කියලා මම අහන්න කැමතියි.
ඒ ඔයාගේ දුරකථනය නේද?

ඇහැරුණු විනාඩි කිහිපයක් ඇතුළත ඔබ WhatsApp, Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය අතර සැරිසරනවා. කාලය කොහොම ගියද කියලා හිතන්නත් කලින්ම පැය එකක් ගිහිල්ල තියෙනවා. ඒ අතර ඔබේ දිනයත්, ඔබේ සිතුවිලිත්, ඔබේ හැඟීම්ත්—අපට නොදැනි තාක්ෂණය විසින් හැඩගස්වගෙන යනවා.

අද අපේ ජීවිතය හරිම සරලයි වගේ පෙනුනත්, ඇත්තටම ඒක තාක්ෂණය මත පදනම්වෙලා තියෙන එකක්.

• උදේ ඇහැරෙන්නේ alarm එකට

• කෑම කනකොට YouTube video එකක්

• වැඩට යනකොට earphones

• සලරන්ට කතා කරනකොට messages

• නිදාගන්න කලින් social media scroll එකක්

මේ හැමදේම එකට බැඳිලා තියෙන්නේ එකම දෙයකට — තාක්ෂණයට

ගෙදර කියන්නේ නෙමෙයි නිකන් ඉඳලා යන තැනක්. ඒක චිත්ත නිදහසේ ලෝකයක්. ඉස්සර ගෙදර තමයි අපි හැමෝම එකට හිනා වෙන්න, මුහුණට මුහුණ කතා කරන්න, හැඟීම් බෙදාගන්න තැන. නමුත් අද ඒක තාක්ෂණය නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.

නමුත්… අද? 📱

ඒම ගෙදරම තවම තියෙනවා.
ඒම මිනිස්සුත් තවම තියෙනවා.
නමුත්… ඒ උණුසුම නෑ.

එකම කාමරේ ඉන්න හතර දෙනෙක්—
නමුත් හතර දෙනාම වෙන වෙන ලෝකවල.

කෙනෙක් 📱 WhatsApp එකේ,
තව කෙනෙක් 📺 YouTube එකේ,
තව කෙනෙක් 📸 Instagram එකේ…

මුහුණට මුහුණ බලලා කතා කරන වචන අඩුවෙලා,
ඒ වෙනුවට “Seen” සහ “Typing…” කියන වචන තමයි අපේ හැඟීම් වෙලා තියෙන්නේ.

අප අතර තිබුණ සබඳතා—
දැන් වෙනුවට තියෙන්නේ හිස් සම්බන්ධතා.

අපි හිනා වුණාට… ඒක emoji එකක් 😅
අපි දුක් වුණාට… ඒක status එකක් 💔
අපි ආදරය පෙන්වන්නේ… “❤” එකක් විතරයි.

ඇත්තටම බලනකොට…
තාක්ෂණය අපව ලං කරලාද? නැත්තං ඈත් කරලාද?

💔 ඇත්තටම “සතුට” කියන්නේ මොකක්ද?

සමාජ මාධ්‍ය අපට සතුටක් දෙනවා වගේ පේනවා.
likes, shares, comments — අපේ හැඟීම් පාලනය කරනවා.

නමුත්…
ඒ සතුට සැබෑද?

අපි අපේ ජීවිතය වෙන අයගේ highlight moments එක්ක සසඳනවා. අද අපේ සතුට සමාජ මාධ්‍ය සටහන්, කැමැත්ත සහ අදහස් මත තීරණය වෙනවා.

එබැවින් දැන් නැවත සිතීමට කාලයයි!!!

අපි තාක්ෂණය භාවිතා කරනවද?
නැත්තං තාක්ෂණය අපව භාවිතා කරනවද?

තාක්ෂණය නොමැතිව අපට ජීවිතය ගත කරන්න බැහැ. ඒ සත්‍යයක්. නමුත් මිනිසුන් ලෙස අපගේ වගකීම වන්නේ එය සවිබලගන්වා ගෙන, වගකීමෙන් භාවිතා කර ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කිරීමයි.

ඒ නිසා අපට කියන්න පුළුවන් අපි තාක්ෂණය SMART ආකාරයෙන් භාවිතා කළ යුතු බව.

S – Specific (විශේෂිත වන්න)
ඔබට අවශ්‍ය දේට විතරක් තාක්ෂණය භාවිතා කරන්න.

M – Mindful (සිහිබුද්ධියෙන් භාවිතා කරන්න)
ඔබ කරන දේ ගැන සෑම වෙලාවෙම සිතන්න.

A – Authentic (සැබෑවට ජීවත්වන්න)
Digital ලෝකයට වඩා සැබෑ ලෝකය අගය කරන්න.

R – Restrict (සීමා පනවා ගන්න)
Screen time එකට සීමාවක් දාගන්න.

T – Time-bound (කාලය කළමනාකරණය කරන්න)
තාක්ෂණය ඔබේ කාලය පාලනය කරන්න ඉඩ දෙන්න එපා.

තාක්ෂණය අපේ හොඳ මිතුරෙක් වෙන්න පුළුවන්…
නමුත් අපි එය පාලනය නොකරනවානම්, ඒක අපේ ජීවිතය පාලනය කරනවා.

අපට තවමත් වෙලාව තියෙනවා…
Digital තිරවලින් ඉවතට ගිහිල්ලා,
අපේම මිනිස්සු දිහා බලලා,
“කොහොමද?” කියලා අහන්න…

ඒක තමයි නැවත ආරම්භය.

තාක්ෂණයට ඔබේ මනෝභාවය, හැඟීම් හෝ ජීවිතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
ඔබේ ජීවිතයේ control එක… ඔබ අතට ගන්න.