අකිල මහතා විසින්, සයිබර් අපරාධ වලින් මිදෙන්නා වූ ආකාරය සහ ආරක්ෂාකාරීව අන්තර්ජාලය භාවිතය පිළිබඳව මාර්ගෝපදේශ සපයන ලද ව වීඩියෝ පටිගත කිරීමක් ITN YouTube නාලිකාව සඳහා සිදු කරන ලදී .
අද වන විට සෑම දෙයක්ම පාහේ ඩිජිටල් කරණය වී
තිබෙන්නේ මේ ඩිජිටල් කරනයත් එක්ක ඔබගේ පෞද්ගලික දත්ත වෙනදාට වඩා ආරක්ෂාකර ගැනීම
ඉතා වැදගත්. හැකර් වරුන් නිරන්තරයෙන්ම ඔබගේ පෞද්ගලික දත්ත සොරක්ම් කිරීමට පෙළඹී
සිටිනවා.ඔවුන්ගේ ලාබය වෙනුවෙන් ඔබගේ Device වල පලනය ඔවුන්ගේ අතට පත්කර ගැනීම සදහා නිරන්තරයෙන් විවිධ ක්‍රම අත්
හදා බලමින් සිටී. මේ ගැන හොදින් අවදාරනය කරගෙන වඩාත් ආරක්ෂාකාරීව පළදායි ලෙස
අන්තර් ජාලය භාවිත කරන ආකරය අපි බලමු.
හැකර් වරුන් විවිධාකාර වේ. මේ අතරින් මූල්‍ය
වංචාවන් සිදුකිරීම සදහා ඔබගේ බැංකු ගිණුම්
තොරතුරු , Credit Card තොරතුරු වැනි
මූල්‍යමය සමබන්ද දත්ත ලබාගැනීමට ඔවුන් පෙළඹී සිටිනවා.phishing හරගා ඔබව රවටා user names
Passwords ලබා ගැනීමටත්
හැකියාවක් තිබෙනවා. ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඔබගේ සමාජ ජාලා වෙත, ඔබගේ ඊමෙල්
වැනි ඔබගේ ආරක්ෂිත දත්තයන් වෙත පිවිසීමටත්
ඔවුන් කටයුතු කරනවා. ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිතාකර එනම් ඔබගේ ජාතික හැදුනුම්පත,
රියදුරු බලපත්‍රය ගමන් බලපත්‍රය වැනි දත්තද භාවිතාකර අන්තර්ජාලයේ ඔබ මෙන්
පෙනීසිටිමින් විවිධ අපරාද සිදු කිරනවා. ඉතින් මෙවැනි දේ වලින් හැකවරුන් ඔබව අපහසු
තාවයට පත් කිරීම වලක්වා ගැනීමට අප කලයුතු දේ මොනවාද?
ප්‍රථමයෙන් වෙබ් අඩවියකට පිවිසීමේදී ඒ වෙබ්
අඩවියේ විශ්වාසානීයත්වය තහවුරු කරගැනීම ඉතා වැදගත් වෙනවා. වෙබ් අඩවියකට පිවිසීමේදී
URL
එකේ ඒම
නැත්තම් වෙබ් ඇඩ්‍රස් එකේ https ලෙස සදහන්
වනවා නම් තවද පසෙකින් Padlock සලකුන දිස්වනවා නම් එම සළකුණුවලින් කිව හැකියි ඔබ
ආරක්ෂාකාරීව වෙබ් අඩවියකට පිවිසෙන බව.
වැරදි අකුරු සහිත වෙබ් අඩවි වලට පිවිසීමෙන්
ඔබ අනාරක්ෂිත විය හැකියි.
මෙවැනි
දේ වලින් ඔබට මිදිමට කල හැකි ආරක්ෂිත පියවරයන් කිහිපයක් තිබෙනවා,
එනම් ශක්තිමත් මුරපදයක් සාදා ගැනීමට
හැකියාවක් තිබෙනවා,
ශක්තිමත් මුරපදයක් සාදා ගැනීමේදී වෙනත්
කෙනෙකුට අනුමානකල නොහැකි මුරපදයක් සාදාගැනීම ඉතා වැදගත්.
එහිදී,
· 123
· ඔබගේ නම
· උපන්දිනය
· ඔබගේ මිතුරාගේ නම
· ඔබගේ සුරතලාගේ නම
වැනි අනුමාන කල හැකි සරල මුරපද භාවිතා නොකල යුතුයි.
එමෙන්ම ශක්තිමත් මුරපදයක් සාදාගැනීමට අවශ්‍යනම්,
අකුරු
12 කට වැඩි මුරපදයක් සාදාගැනීම ඉතාම සුදුසුයි.
මුරපදයක්
සාදාගැනීමේදී ඔබට මතක තිබෙන මුර පදයක් සාදා ගැනීමත් ඉතාමත් වැදගත්.
මෙම
මුරපද නිර්මාණය කර ගැනීමේදී,
· Simple Letters
· Capital Letters
· Numbers
· Special Characters (@#$%&)
මිශ්‍රකර ඔබට ශක්තිමත් මුරපදයක් සාදාගත හැකියි.
මෙයට උදාහරන ලෙස,

කිසිම විටක ඔබගේ User Names
, Passwords පොත්පත්වල
කඩදාසිවල ලිය නොතැබිය යුතුයි.
මේ වෙනුවට ඔබට Password
Managers භාවිතා කළ
හැකියි. Password Managers තුලින් ඔබට ඉතා සංකීර්ණ passwords පවා ඉතා පහසුවෙන් මතක
තබාගැනීමේ හැකියාව තිබෙනවා.
මීලගට ඔබ දැනගත යුතු තවත් වැදගත් කරුණක්
තිබෙනවා , එනම් ද්වී සත්‍යාපන කේතය (Two-factor Authentications(2FA) )
මේ Two-factor Authentications කියන දේ මෑත කාලයේදී
ගිනුමුක් නිර්මාණය කිරීමේදී මූලික දෙයක් වී තිබෙනවා.
මේ Two-factor Authentications මගින් ඔබගේ ගිණුමට
අමතර ආරක්ෂාවක් හිමිවෙනවා.
යම් හෙයකින් ඔබගේ ගිනුමක මුරපදයක් කිසියම්
පුද්ගලයෙකු අනුමාණ කර හෝ වංචාසහගතව ලබාගෙන ඔබගේ ගිණුම් වෙත පිවිසීමට උත්සාහ කල
හොත් ඔබ මේ Two-factor Authentications on කර තිබෙනවා
නම්, මෙයින් සිදුවන්නේ Usernames , Password වෙනකෙකු සතු වුවත් එයින් පළක් වන්නේ නැත. ඔබ
ඒ ගිණුම Two-factor Authentications සදහා ලියාපදිංචි වූ ඊමෙල් ලිපිනයට හෝ ජගම දුරකතනයට
ලැබෙන OTP අංකය ලබා
දුන්නොත් පමනයි ඒ ගිනුමට පිවිසිය හැක්කේ.
ඔබ වැඩිපුරම භාවිතා වන facebook ,
whatsapp වැනි සමාජ
ජාලා මෑත කාලයේදී නිරන්තරයෙන්ම හැක්වීම
සිදුවනවා ඒම නිසා ඔබ මේ වන විටත් එම ගිනුම් වල Two-factor Authentications සක්‍රීය කරගෙන නොමැතිනම් හැකි ඉක්මනින් එම
ගිණූම් වල Two-factor Authentications සක්‍රීය කරගන්නා මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
තවද,
ඔබට සමාජ මාද්‍ය මගින් ඊමේල් මගින් ලැබෙන
විවිධ ලින්ක් ක්ලික් කිරීමට පෙර හොදින් පරික්ෂාකර බලන්න. ඔබ නොදන්නා ලින්ක් ක්ලික්
කිරීමෙන් ඒවා භාගත කිරීමෙන් වැලකී සිටිය යුතුයි.
හැකර් වරුන් බොහෝවිට ඔබගේ ඊමෙල් වලට සමාජ
ජාලා වලට විවිධ ලින්ක් එවීමෙන් ඔබව මුලාවට පත් කර ඔබගේ දත්ත ලබා ගැනීමට හැකියාව
තිබෙනවා.
ඔබ භාවිතා කරන Apps/Software’s
නිරන්තරයෙන්
යාවත්කාලීන කිරීම ඉතා වැද්ගත් වනවා, මෙහිදී ඒ ඒ දුකාංග වල ආරක්ෂක දෝශ නිවැරදි
කරීමක් ලෙසද මෙම යාවත්කාලීන කිරීම් ඔබට
ලැබිය හැකියි.
ඔබගේ බැංකු ගිණුම් , සමාජ ජාලා, ඊමේල් හෝ
ආරක්ෂිත ලිපිගොණුවලට පිවිසීමේදී පොදු Wi-Fi භාවිතයෙන් වැලකී සිටීම අනිවර්‍ය වනවා. එයට
හේතුව වන්නේ හැකර් වරුන්ට මේ පොදු Wi-Fi හරහා
පහසුවෙන් ඔබව හැක් කිරීමට, ඔබගේ සංවේදී දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ඉතිං අප හැකර් වරුන්ගේන් මිදී ආරක්ෂාකාරීව අන්තර් ජාලය භාවිත කරමු.