චන්දිම ග්‍රේරෝ මහතා, ITN Digital සහ LK Domain Registry සමඟ එකඟව පැවති සටහන් කිරීම සඳහා EDB වෙබ් අඩවියේ විශේෂාංග සහ EDB සමඟ සම්බන්ධ වීමට අදාළ ක්‍රම කථා කළේය.
මෙම සාකච්ඡාව, අපනයන ක්ෂේත්‍රය තුළ අවශ්‍ය වාසියන් ලබා ගැනීමට EDB වෙබ් අඩවිය පාවිච්චි කරන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ලබා දී ඇත.
ඔබත් අපනයන ව්‍යාපාරයකට පිවිසීමට සිහින දකින ව්‍යවසායකයෙක්ද? එසේ නම්, ඔබගේ ඒ සිහින කරා යන ගමනේදී ඔබට අත්වැලක් සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයයි. ඔවුන් සපයන සේවාවන් පිළිබඳව පහසුවෙන්ම දැනගැනීමට හැකි ස්ථානය වන්නේ ඔවුන්ගේ නිල වෙබ් අඩවියයි. අද අපි ඔබව දැනුවත් කරන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන https://www.srilankabusiness.com/ https://www.edb.gov.lk/වෙත පිවිසීමෙන් ව්‍යවසායකයෙකු ලෙස ඔබට ලබාගත හැකි තොරතුරු සහ දැනුම පිළිබඳවයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය තොරතුරු පහසුවෙන් සොයාගත හැකි වන පරිදි ප්‍රධාන අංශ තුනක් යටතේ වර්ග කර ඇත.
- විදේශීය ගැනුම්කරුවන් සඳහා වැදගත්වන තොරතුරු ඇතුළත් අංශය
- දේශීය අපනයනකරුවන් සඳහා වැදගත්වන තොරතුරු ඇතුළත් අංශය
- සාමාන්‍ය පොදු මහජනතාව සඳහා වැදගත්වන තොරතුරු ඇතුළත් අංශය
ඔබගේ අවශ්‍යතාවයට අනුව මෙම අංශයන් ඔස්සේ අපනයනය පිළිබඳ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
https://www.srilankabusiness.com/ https://www.edb.gov.lk/ වෙබ් අඩවිය හරහා දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශ 29ක් සහ සේවා අංශ 09ක් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබාගත හැකිය.
අපනයනට වැදගත් වන මූලික කරුණු
අපනයනය පිළිබඳ මූලික දැනුමක් ලබාගැනීමට අවශ්‍ය අයෙකුට Exporters' Guide for Beginners යටතේ CBI, IPD, UNIDO වැනි ජාත්‍යන්තර කීර්තිමත් ආයතන මගින් සකස් කරන ලද අපනයනකරුවෙකුට අත්‍යවශ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර මෙමඟින් අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ඒ පිළිබඳ මූලික අවබෝධයක් ලබාගත හැකිය.
අපනයන ක්‍රියාවලිය පිළිබඳ දැනුම
අපනයනය පිළිබඳ මූලික අවබෝධයක් ඇති අයෙකුට වැදගත්වන කරුණක් වන්නේ අපනයන ක්‍රියාවලිය පිළිබඳව දැනගැනීමයි. https://www.srilankabusiness.com/ වෙබ් අඩවිය හරහා අපනයන ක්‍රියාවලිය පිළිබඳ උදාහරණ සහිත තොරතුරු ලබාගත හැකිය. අපනයනය කිරීමට ප්‍රථම ලියාපදිංචි විය යුතු ආයතන මොනවාද, අපනයනය කළ නොහැකි දේවල් මොනවාද, අපනයනය සඳහා අනුමැතිය ගත යුතු ආයතන මොනවාද සහ සහතිකකරණය ලබාගත යුතු භාණ්ඩ සහ ඒ සඳහා සහතික ලබාගත යුතු ආයතන පිළිබඳව මෙහි පැහැදිලිව වර්ගීකරණය කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු සහ වෙළඳ පහසුකම් අංශය මගින් සම්පාදිත අපනයන කාර්ය පටිපාටිය (Exports Procedure) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබාගත හැකි වීම විශේෂත්වයකි.
පුහුණු වැඩසටහන්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් දැනුවත් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. ජාත්‍යන්තර වෙළඳාමේ මෙහෙයුම් අංශ පිළිබඳ පාඨමාලාව (Course on Operational Aspects of International Trade) සහ ආනයන අපනයන ක්‍රියා පටිපාටි පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (Certificate Course in Import and Export Procedures) පිළිබඳ සියලු විස්තර මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.
නව අපනයනකරුවන් සඳහා සහය
ප්‍රාදේශීය සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වන නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳ තොරතුරු සහ අයදුම්පත්‍රය ද වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
නිතර අසන ප්‍රශ්න (FAQ)
අපනයනය සම්බන්ධයෙන් ඔබට ඇතිවිය හැකි පොදු ප්‍රශ්නවලට පිළිතුරු Frequently Asked Questions කොටස යටතේ ලබාගත හැකිය. ඔබ අපනයනකරුවෙකු වන්නේ කෙසේද, අපනයනය කළ හැකි දේ මොනවාද, අපනයන බලපත්‍රයක් ලබාගන්නේ කෙසේද, අපනයන වෙළඳපොළ සම්බන්ධ තොරතුරු ඇතුළු බොහෝ ප්‍රශ්නවලට මෙහිදී පිළිතුරු සපයා ඇත.
වෙළඳ ප්‍රදර්ශන සහ ප්‍රදර්ශන
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන සහ සහභාගී වන වෙළඳ ප්‍රදර්ශන (TRADE FAIRS & EXHIBITIONS) පිළිබඳ සියලු විස්තර මෙම කොටසින් ඔබට බලාගත හැකිය. ඉදිරියේදී සංවිධානය කෙරෙන සහ ඔබට සම්බන්ධ විය හැකි
ප්‍රදර්ශන මොනවාද යන්න මෙන්ම, වසර තුළ විවිධ ආයතන මගින් සංවිධානය කරන වෙළඳ ප්‍රදර්ශන පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් වේ.
වෙළඳපොළ තොරතුරු
අපනයන වෙළඳපොළ සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා MARKET PROFILES AND BRIEFS වෙත පිවිසිය හැකිය. මෙහිදී දැනට රටවල් 77ක වෙළඳපොළ වාර්තා නිකුත් කර ඇත. එම වාර්තාවන් පරිශීලනය කිරීමෙන් ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන නිෂ්පාදන, අපනයන භාණ්ඩ සහ ආදායම් පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත ඇතුළු සවිස්තරාත්මක තොරතුරු ලබාගත හැකිය.
වෙළඳපල ප්‍රවේශ පැතිකඩ (Market Access Profiles) යටතේ අදාළ විදේශීය රටවලින් ශ්‍රී ලංකාවේ වෙළඳ ගනුදෙනු සඳහා ලබා දී ඇති පහසුකම් මොනවාද යන්න ඔබට පිරික්සා බැලිය හැකිය.
තීරුබදු අඩු කිරීම් සහ ඉවත් කිරීම් මගින් වෙළඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සපයන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුම් රැසකට ශ්‍රී ලංකාව අත්සන් කර ඇත. ඒ පිළිබඳ විස්තර trade agreements යටතේ අපගේ වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකිය.
ගැනුම්කරුවන් සොයාගැනීම
EDB Buyer Search පහසුකම යටතේ Kompass වැනි ජාත්‍යන්තර අපනයන වෙළඳ නාමාවලි හරහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට වෙබ් අඩවියේ පහසුකම් සපයා ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල නිවේදන
අපගේ වෙබ් අඩවියේ නිල නිවේදන වෙත පිවිසීමෙන් EDB පුහුණු වැඩසටහන්, වෙළඳ ප්‍රදර්ශන, පුරප්පාඩු වැනි යාවත්කාලීන තොරතුරු ලබාගත හැකිය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ මුද්‍රිත ප්‍රකාශන
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවන්ට ඔවුන්ගේ අපනයන සහ ව්‍යාපාරික ක්‍රියාවලියට සහය වන වෙළඳ ආශ්‍රිත සඟරා සහ වෙනත් සහායක ප්‍රකාශන මාලාවක් ප්‍රකාශයට පත් කරයි. EDB PUBLICATIONS වෙත ප්‍රවේශ වීමෙන් එම සඟරාවල ඉලෙක්ට්‍රොනික පිටපත් ලබාගත හැකිය.
අපනයන සංවර්ධන මණ්ඩලය හා සම්බන්ධ වන්න
වෙබ් අඩවියේ Contact Us වෙත පිවිසීමෙන් ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සියලුම අංශයන් හා ප්‍රාදේශීය කාර්යාල පිළිබඳ විස්තර, සම්බන්ධ විය හැකි දුරකථන, ෆැක්ස් සහ ඊමේල් ලිපින ලබාගත හැකිය.
සමාජ මාධ්‍ය
EDB නිල වෙබ් අඩවිය සමාජ මාධ්‍ය නාලිකා හතක් (Facebook, Twitter, LinkedIn, Instagram, YouTube, Pinterest, Tumblr) සමඟ සම්බන්ධ කර ඇත. එමඟින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සහ සේවා, සිදුවීම්, වෙළඳ ප්‍රදර්ශන සහභාගීත්වය ආදිය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම සිදු කරයි.
එබැවින්, ඔබේ අපනයන සිහින සැබෑ කරගැනීම සඳහා අදම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.srilankabusiness.com වෙත පිවිස මෙම සියලු දැනුම ලබාගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු.